Kim Dotcom (owner of former Megaupload.com) launched a brandnew filehosting service called MEGA

Kim Dotcom (owner of former Megaupload.com) launched a brandnew filehosting service called MEGA
ඉතාම ජනප්‍රිය filesharing අඩවියක් වූ Megaupload වෙබ් අඩවිය FBI එක විසින් වසා දමා එහි සර්වර්, හිමිකරු, කාර්යමණ්ඩලය අත් අඩංගුවට ගෙන හරියටම වසරක් පිරෙන ඊයේ (2013-01-20) දිනයේ එහි නිර්මාතෘ Kim Dotcom විසින් නවතම, ආරක්ෂිතම filehosting සේවාවක් අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.

තවමත් Beta තත්වයේ පවතින අතර ඉදිරි දින වලදී තව තවත් අංග එකතු වීමට නියමිතයි.

50GB ඉඩක් සඳහා නොමිලේ register වීමට දැන් අවස්ථාව තියෙනවා.

ඊයෙ නම් සයිට් එක ගොඩක් වෙලාවට ඩවුන් වෙලා වගේ තිබුනේ. හේතුව ඉතා අධික තදබදය. මුල් පැයේදී පමණක් මිලියනයකට වඩා visitors සහ 250,000 වඩා නව registrations සිදු වී තිබුනා.

මුල් විනාඩි 10 තුලදී ඔවුන්ගේ 10Gbit ජාලය saturated වූ බවයි පැවසෙන්නේ.

අද දිනයේ නම් අවුලක් නැතුව වැඩ කරනවා.

MEGA හි ෆයිල් අප්ලෝඩ් වෙද්දිම අපේ බ්‍රවුසර් එකේදි encrypt වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා MEGA හි වැඩ කරන අයටවත්, FBI, MPAA, RIAA කිසිවෙකුට අපි අප්ලෝඩ් කරන දේවල් මොනාද කියලා බලන්න බැහැ අපේ decryption key එක නැතුව..

MEGA හි භාවිතා වෙන අළුත්ම තාක්ෂණයන්ට තවමත් 100%ක්ම පහසුකම් ලබාදෙන්නේ Google Chrome බ්‍රවුසරයේ පමණයි.

මෙන්න ලින්ක් එක – https://mega.co.nz/

Kim Dotcom Mega Launch Press Conference (This is EPIC) – http://youtu.be/e2HwRM9eBCs
Watch 18:30 :O

එයාලගෙ භාවිතා කරන ක්‍රමවේදය අනුව දැනට නම් කාටවත් අත තියන්න බැරි වෙන විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ…

encrypt වෙන නිසා එයාලට අපි දාන ෆයිල්ස් මොනාද කියලා බලන්න බැරි නිසා කිසිම නීතිමය තත්වයක් යටතේ MEGA සේවාව නීති විරෝධී කටයුතු වලට යොදාගනන්වා කියලා චෝදනා එල්ල කරන්න බෑ.

අනික දැනට තියෙන නඩුවත් FBI එක අනාගෙන තියෙන්නේ …

Megaupload එක වැටලීමට යොදා ගත්තු warrants නීති විරෝධී එකක් කියලා උසාවියකින් කියලා.

Kim Dotcom ගේ ගෙදර වැටලීම – http://youtu.be/pMas0tWc0sg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.